මරාගෙන මැරීම හා අනාගැනීම ..!

Published on by nawodana kotuwegoda

ලාංකීය සමාජය වසර තිහකට ආසන්න කාලයක් ත්‍රස්තවාදය හේතුවෙන් පිඩා වින්ද බව කිසිවකුටත් අමතක නැතිව ඇතැයි යන හැගීම හා විශ්වාශය මත පදනම්ව මෙසේ සටහන් තබමි ...

LTTE සංවිධානය ශක්තිමත්ව එතරම් කාලයක් ක්‍රියාත්මක වීමට හේතු සාධක බොහෝ තිබිණ . මුලික ලෙස ගතහොත් එයාට මුලික අරමුණක් තිබු අතර එම අරමුණ මත පදනම්ව ද්‍රවිඩ සමාජය ඒ වෙත ප්‍රේරණය කිරීමේ හැකියාව ලැබී තිබිණ .එම අරමුණ වුයේ වෙනම රාජ්‍යක් නිරමාණ කර ගැනීම විය ..එසේම එම සංවිධානය වෙත මුල්කාලීනව ඒකරාශී වුයේ ද්‍රවිඩ සමාජය තුල අඩු තක්සේරුවක් හිමිවූ දුප්පත් කොටසකි ....එම සංවිධානය හා එක්වීම ඔස්සේ ඔවුන්  ද්‍රවිඩ සමාජය  තල පැවති  විෂමතාවයන්ට එරෙහිව නැගීසිටීමට උත්සහයක් දරන ලදි ...ඒ බව අඩු ජාතිකයෙක් ලෙස සලකන පුද්ගලයකු වූ ප්‍රභාකරන් එහි අනුත්තර අන දෙන්නා බවට පත්විමම සපයන්නේ කදිම උදාහරණයකි .... එසේම දීර්ඝ කාලයක් පැවති සටන් හේතුවෙන් එම සමාජය බාහිරට විවරණය වීම ඉතා අල්ප විය ..එම තත්වයද ඔවුන්ගේ සංවිධානය ශක්තිමත් වීමට හේතුවක් විය ..... ලෝකය නොදුටු මිනිසුන්ගේ මනස තමන්ගේ අරමුණ වෙත ඉතා දැඩිව ග්‍රහණය කර ගැනීමට ඔවුන්ට හැකිවිය ..තවද ‘ එක් පසෙක අන්තවාදය අනෙක් පස අන්තවාදය පෝෂණය කරනු ඇත’ යන කියමන සනාථ කරමින් කළු ජුලිය වැනි අවස්ථාද උතුරේ අන්තවාදයට උඩගෙඩි දීමක්වූ බව නොරහසකි ....සරලව ගතහොත් LTTE සංවිධානයට තිබුනේ යථාර්ථයක් බවට පත්කරගැනීමට හැකියාව තිබු අරමුණකි ...එනම් එය realistic එකකි ...අරමුණක් සතුවිය යුතු මුලික සුදුසුකමක් ලෙස මෙම realistic භාවය සලකනු ලැබේ ... ඒ අනුව ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරකයන් නිර්මාණය කිරීම පිළිබඳව පුදුම වීමට දෙයක් නැත ..අනෙක් අතට ඔවුන් මරාගෙන මැරෙන්නේ තමන්ගේ ජාතිය වෙනුවෙන් වෙනමම භූමියක නිර්මාණයකර ගැනීම උදෙසාය ....එය පිළිබඳව සමාජය තුල භීතියක් ඇතිකළා මිසක හාස්‍යයක් උත්පාදනය නොකළේය .....!

එහෙත් අහිංසක බැතිමතුන් විශාල පිරිසක් ඉතා නින්ධිත ආකාරයෙන් ඝාතනය කල ප්‍රහාරකයන් දෙස හැරී බලන විට මටද ඇතිවන්නේ උගතෝකෝටික පැනයකි ....මෙම ජාතික තවුෆික් ජමාත් සංවිධානයට තිබු අරමුණ කුමක්ද යන්න ඉතා අපැහැදිලිය ..ඔවුන්ගේ අරමුණ මෙම ප්‍රහාර හරහා අනෙක් ආගම් අදහන්නන් විනාශකර ඉස්ලාම් ආගම ප්‍රවර්ධනය කිරීම බව ඇතම් ප්‍රකාශ වල කියවින ..එය ඔවුන්ගේ අරමුණ වුයේ නම් ඒ අරමුණෙහි  මා මුලින් කිවූ LTTE සංවිධානයේ අරමුණ මෙන් realistic භාවයක් නොමැත ..එහි ඇත්තේ උපහාස රසයක් විනා අන් කිසිවක් නැත ...අනෙක් අතට ජන ඝාතන හරහා ආගමක් ප්‍රවර්ධනය කල හැකි යන්න ආගම යන වචනයේ අර්ථයද වියකුල කරන්නකි ....එසේනම් ඔවුන්ට අරමුණක් පෙනෙන පරිදි නැත .... කලුජුලි මෙන් මුස්ලිම් ජනතාවට ලාංකීය සමාජය තුල අමිහිරි අත්දැකීම් අත්වූ බවක්ද දක්නට නැත ... රටේ ආර්ථිකයද මෙහයවිමෙදිද   කිසිදු බධාවකින් තොරව මුස්ලිම් ප්‍රජාවට සමතැන නොව මුල්තැනද හිමිව ඇති බව පෙනෙන්නට තිබේ....පාලන ක්‍රියාවලියේදීද ඔවුන්ට අසාධාරණයක් වන බවක් පෙනෙන්නට නැත .....එසේනම් මරාගෙන මැරෙන්නට හේතුව කුමක්ද ...?

භයානක කාරණය මෙයයි ....අරමුණක් නැතිව , ඕනෑ තරම් විවුර්ත වූ සමාජයක ජීවත්වූ පිරිසක් මෙසේ තවත් පිරිසක් ඝාතනය කිරීම අතිශයින් භයානකය ..තම ලෙයින් ජනිතවූ දරුවන් ලග තබාගෙන බෝම්බ පුපුරවගන්නට තරම් ඔවුන් මානසික රෝගීන් වුයේ කෙසේද ..? ඔවුන්ගේ ආගම ඉල්ලසිටියේ මෙවැනි නින්ධිත ප්‍රහාර මාලාවක් හරහා අහිංසක මිනිසුන්ගේ ලෙයනම් ඔවුන් ඇදහුවේ දෙවියකු විය නොහැක ..ඔවුන් අදහන්නට ඇත්තේ යක්ෂයෙකි ....නැතිනම් ලේ පිපාසයක් ඇතිවන්නේ කෙසේද  ...? නැතිනම් සැබෑවටම ඔවුන් සිය ආගම නිසාම මානසික පීඩනයකට ලක්වුවන්ද ..? ඉස්ලාම් ආගම බිහිවන්නේ ජේසු සමිදුන් බිහිව වසර හයසියයකට පමණ පසුවය ..ජෙසුස්වහන්සේගේ  ධර්මතවයන්හට මැදපෙරදිග නිසි පිළිගැනීමක් නොලැබුනත් එය ලෝකය පුරා පැතිරගිය ආගමක් විය ...... ඉස්ලාමය බිහිවන්නේ කිතු දහමට පසුවය ...ඉස්ලාම් ආගම ඉදිරිපත් කල දෙවියන් කිසිවකුත් දැක නැත ... කිතුනු ආගමේද ජේසු සමිදාණන් මිසක දෙවියන්වහන්සේ  දුටු කිසිවකුත් නැත .... බුදුදහමේ පමණක් දැකිය හැකි හා එමම ධර්ම කරුණු ඉදිරිපත් කර ඇත්තේ නොදුටු දෙවියකු විසින් නොවේ ... එහෙත් මේ සියලු ආගම් වල මුලික හරපද්දතිය සමාන වේ ...එනම් මුලිකව බිහිවූ ආගමක හර පද්දතිය හරහා අනෙක් ආගම් නිර්මාණය වුවා වන්නටද හැකිය . ඒ කවරක් වුවත් තම ජීවිතය යහපත් මගකට ගැනීමට මග කියන ආගමකින් තවත් පිරිසක් මරාගෙන මැරෙන්නට මග පෙන්වුයේනම් එය ආගමක්ද යන්න තීරණය කිරීම ඔබ සතුය ...

කෙසේ වුවත් අහිමිවූ ජිවිත වලට කිසිවකුටත් වන්දි ගෙවීමට නොහැක ..කල හැක්කේ පාපකාරී මිනිසුන්ගේ නින්දිත ප්‍රහාරයක් මඩ මියගිය හැමට නිවන් සුව පැතීමය .....

අනෙක් අතට ඔවුන්  මරාගෙන මැරී ඇත්තේ ඉස්ලාම් සමාජයමය ..එනම් ඔවුගේ ව්‍යාපාර වලට අනෙක් ජනතාව යාම ප්‍රතික්ෂේක  කිරීම  හරහා යම් පාඩුවක් ඔවුන්ට ඇතිකරලීම මෙන්ම වෙනද මැතිවරණ වලදී මුස්ලිම් ජාතිකයන්ට ජාතිකත්වය නොසලකා මනාපය ලබාදුන් ජනතාව ජාතිකත්වය මත මනාපය ඉදිරියේදී පල කළහොත් ඔවුන්ට පසුබසින්නට විය හැක ....!තවද බොහෝ මුස්ලිම් ආයතන වලටද මුස්ලිම් ජාතිකයන් සේවකයන් ලෙස එක්කරගැනීම යම් දුරකට අඩුකර ඇත ... මේ ක්‍රියාවලි සියල්ල  මුස්ලිම් සමාජය වෙත දැඩි බලපෑමක් ඇතිකරලීමට ඉඩ ඇත .....! එසේනම් මිත්‍යදුෂ්ටිකයන් පිරිසක් විසින් දෙවියන් වෙනුවෙන් කියා තම ජනතාවම මරාගෙන මැරී ඇත ...මේ තත්වය අවබෝධ කරගත යුත්තේ සිංහල හෝ දෙමල ජනතාව නොව ...මුස්ලිම් ජනතාවමය ..!

To be informed of the latest articles, subscribe:
Comment on this post