මල්ලව පොරද ? ගොන් පොරද ?

Published on by nawodana kotuwegoda

උදේ ඉදල එක දිගටම වැස්ස ... එලියට බහින්නත් බැරි තරමට එකම රිද්මයකට වහිනවා .. අපේ පුංච් කාලේදී නම් මෙහෙම වහිද්දි කඩදාසි බෝට්ටු හදන්න අපි අපේම පොත් වල පිටු මිටිගනනින් ඉරුව හැටි , ඒ බෝට්ටු වතුරේ පාකරලා ඒ දිහා බලාගෙන හිටපු හැටි , ඒ විතරක් නෙමේ ඇලවල් අයිනේ හැදිලා තියෙන පුංචි හබරල ගස්වල පිති අරගෙන ඒවා ඉරටු වලින් හයිකරලා පුංචි පහේ පාරු හදලා පාකරපු හැටි වැස්ස දකිද්දී ඉබේම වගේ මතකෙට ආවේ අමුතුම මිහිරියාවක් එක්කමයි ....මම දන්නේ නෑ ඔයාලට මේ අත්දැකීම තියෙනවද කියල ..දැන්නම් ළමයින්ට ඔය දේවල් කරන්න කාලයක් නැතිලු ...ඒ විතරක් නෙමේ ඒ කාලේ අපි මල්ලව පොර කියල බදාගෙන පොරකනවා ..අන්තිමට දෙන්නම බිම ...දිනපු ඒකා හොයාගන්නවත් බෑ ....

මල්ලව පොර කියපුවාම තමා මතක් උනේ...මගේ මතයට ගොඩ කලකින් මොකුත් ලියන්න බැරිඋන හින්ද අද මොනවා හරි ලියන්න කියල හිතුව ..ඉතින් අද මගේ මාතෘකාව මල්ලව පොරද ? ගොන් පොරද ? වටේ යන්නේ නැතිව කෙලින්ම මාතෘකාවට බහින්නම්...

පසුගියදා ලංකාවේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේදී දර්ශනීය ගුටිපොරයක් දකින්නට ලැබුන .. ගුටි පොරයට පාදක උනේ හිටපු ජනාධිපති තුමාගේ ආරක්ෂාවේ කරනලද වෙන්ස්කිරීමක්ලු ..ඒ මොනවා උනත් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදිය යුතුය කියන මතයේ තමයි මම ඉන්නේ ..ඒකට හේතුව ඔහු මෙරට තිබු විනාශකාරී යුද්ධය නිම කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදුන් පුද්ගලයා නිසයි ..ඒ කාරණාව කොහොම වුනත් මෙම ගුටිබැට හුවමාරුවට සම්බන්ධ වෙච්ච ගරු කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලාගැනනම් අවංකවම කණගාටුයි ..ඊටත් වඩා මේ පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරාගන්න චන්දය දුන් ජනතාව ගැන කණගාටුවක් තියෙන්නේ ..ඇයි උඹල මේ තරම් ගොන් විදියට තමන්ව නියෝජනය කරමින් නීති සම්පාදන කටයුතු වලට දායකවීමට නියෝජිතයන් තෝරාගන්නේ ....?

කොහොමත් ලංකාවේ මිනිස්සු ගොන්නු කීපදෙනෙක් තම නියෝජිතන් විදියට පත්කරගැනීම සාමාන්‍ය පුරුද්දක් කරගෙන ..මෙලෝ හසරක් නොදන්නා මොංගල් පොරවල් කීප පොළක්ම ගම්පහ , කළුතර ,ගාල්ල , මහනුවර වගේ දිස්ත්‍රික්ක වලින් ජනතාව තෝරාගනු ලබනවා ..මේකේ වරද මන්ත්‍රීවරුන්ට පැවරිය නොහැක ..ඔවුන් චන්දයට ඉදිරිපත් වන්නේ එක්කෝ තමන්ගේ පියාගේ අඩුව පුරවන්නටය .ජනතාව බුද්ධිමත් නොවීම තුලින් ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණේ ..පැමිණි පසුව ගොන් ජෝක් දැමීම සිය ජීවිතය බවට පත් කරගැනී ...

සැබවින්ම විමසා බලන්න ...පාර්ලිමේන්තුවට ඔබ තෝරාගෙන ඇති මෙම ගොන් පොරයට සම්බන්ධවූවන් රටේ ප්‍රතිපති හෝ නීති සම්පාධනයට කොපමණ දුරකට දායක වුවන්ද යනවග ..නැත ප්‍රධාන වශයෙන් සම්බන්ධ දෙපල රටක නීති රීති සම්පනය කරනු ලබන ක්‍රියාවලියට කිසිදු දායකත්වයක් දක්වා නොමැතිබව ඉතා පැහැදිලිය . අඩු තරමින් පුද්ගලික මන්ත්‍රී පනතක් හෝ මේ දක්වා ඉදිරිපත් කර නොමැත ..එසේම මෙම සිදුවීමට අදාලව වීඩියෝ පටය මානව නිරීක්ෂණය කිරීමේදී තවත් ගරුකටයුතු මන්ත්‍රිතුමන්ලා පිරිසක්ද ඊට සිය දායකත්වය ලබාදෙන ආකාරය දැකිය හැක ...ඔවුන්ද ප්‍රසිද්දියේ නම සදහන් නොවුනත් ගුටි හුවමාරුවේ කැපී පෙනුණු අයවලුන්ය ..ඔවුන්ද මේ දක්වාම රටට නව දෙයක් කිරීමට දායකවී නැත . ඔවුන්ද අප්පච්චි යලි රජවන තුරු කට අරගෙන බලාසිටින පිරිසකි ...

මල්ලවපොර යනු දෙදෙනකු විසින් නිවැරදි ක්‍රමවේදයට අනුව කරනු ලබන ක්‍රීඩාවකි . ගොන් පොරයනු රතු රෙද්දක් ඇල්ලු විට වියරුවෙන් අනින්නට පනින ගොන්නුන්ගේ නිවැරදි ක්‍රමවෙධයක් රහිත ක්‍රියාවලියකි ..

එසේනම් එදා පාර්ලිමේන්තුවේ තිබුනේ මල්ලවපොර නොවේ..ගොන් පොරය ...රතු රෙද්ද අල්ලා ගොනුන් කුලප්පු කරේ කවරෙක්ද යන්න ජනතාවට අරුමයක් නොවේ...අයේ අයෙත් ඔයාල හැමෝගෙම අවධානයට යොමුකරන්නේ ....රතු රෙද්ද හරි නිල් රෙද්ද හරි කොළ රෙද්ද හරි පෙන්නපු ගමන් අනින්න පනින ඉතා උසස් සත්ව කොට්ඨාශය වන ගොන් හරක් ඔබේ නියෝජිතයන් විදියට පර්ලිමෙන්තුවට් නෙමේ ගමේ සමිතියකටවත් පත්කර ගන්න එපා කියල ......

ඔබේ පාට මොකක් වුනත් මේ කතාව ඇත්තනම් ඔබ මෙයට එකගනම් ඊට අනුව ජනමතයක් ගොඩ නගමු ......

To be informed of the latest articles, subscribe:
Comment on this post