අම්මයි , තාත්තයි , මමයි

Published on by nawodana kotuwegoda

කාලෙකට පස්සේ ගිය ඉරිදා නිදහසේ ගෙදරටම වෙලා හිටියා .....දවසෙන් වැඩි හරියක් නිදාගෙන ඉදල හවස 4ට විතර අතිරේඛ අහර වේලක් විදියට තඩි බත්පිගානකටත් ඉඩකඩ හද ගත්ත ......ඊට පස්සේ ගේ ඉස්සරහ තියෙන පුටුවට බරවෙලා පත්තරේ පොඩ්ඩක් බලන්න ගත්තා .....

කවුදෝ දෙන්නෙක්ගේ කටහඩක් පර පැත්තෙන් ඇහුන හින්ද ඔලුව පොඩ්ඩක් උස්සල බැලුව ...ලග ගෙදරක කට්ටියක් පර දිගේ යනවා ..එයාලගේ හඩ ඇහුනට එක පැහැදිලි නෑ ...එත් ගෙදරට ඉස්සරහ තියෙන ගස් අස්සෙන් පාර දිගේ යන මිනිසුන් මට පෙනුන ......මොහොතකට මම පාත් කරපු පත්තරේ පැත්තකට කරද්දී මට ඉස්සර දවස් මතක් උනා .....

ඉස්සර හවසට අම්මයි තාත්තයි ගෙදර අවා හැටි මට මතක් උනා ...

..ඉස්සර මම උසස්පෙළ කරලා ජොබ් නැති කාලේ ගෙදරට වෙලා තමා හිටියේ ..ඒ වෙද්දී මට මතක විදියට තාත්ත පැන්ෂන් ගිහින්හිටියේ නෑ ..උදේ වැඩට ගිහිල්ල හවස තම ගෙදර එන්නේ ....නගරයේ තිබුන පුංචි වියාපාරය ඒ කාලේ බලාගත්තේ අපේ අම්ම ...අම්ම උදේට උයල තියල තමා ෂොප් එකට යන්නේ .....මම උදේට න්ගිටින්නේ අම්ම යන සද්දේ ඇහෙද්දී ....ඊට පස්සේ හොදට කනවා ...කාල එක්කෝ දොරවත් අරින්නේ නැතිවම TV බලබල ඉදල අයෙමත් නිදා ගන්නවා ...ඔහොම ඉදල යේ හවස තම නැගිටින්නේ ..නැගිටලා කෑම කාල නාගන්නවා ...මොකද අම්ම එනකන් නාන්නෙත්හ නැතිව හිටියොත් හොදටම බැනුන් අහන්න වෙන හින්ද ....හවස නාල 05ට විතර මුට්ටි හට්ටිවල ඉතුරුවෙලා තියෙන දේවලුත් අබරලා දාල මේ විදියටම පුටුවට වෙලා පත්තරයකුත් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා අම්මයි තාත්තයි එනකන් ..මොකද ඒ දෙන්න එද්දී අනිවාර්යෙන්ම බිත්තර ආප්පයක් හරි එළවලු රොටියක්හරි , බිත්තර රෝල්ස් එකක් හරි ගෙනවමයි ...ඒවත් ගේන්නේ උණු උණුවෙම තියෙන ඒවා ...එහෙම මොකවත් ගෙනාවේ නැතිදාට මට කේන්තියි ......එක ඒ දවස්වල අපේ ගෙදර තිබිච්ච පුරුද්දක් වෙලා තිබුනේ ....

කාලය වෙනස් වෙලා නේද කියල හිතුනා ...

එදා අම්මයි තාත්තයි එනකන් ගෙන මොනවා හරි කන්න බලාගෙන හිටපු මම අද වැඩට ගිහින් ගෙදර එනකන් ඒ දෙන්න බලාගෙන ඉන්නවා ගෙදරට වෙලා ..සමහර දවස්වලට මම ගෙදර එද්දී රෑ 01ත් පහුවෙනවා ...එත් එයාල ඇහැරගෙන ඉන්නවා එනකන් ..මම ගෙදර අවට පස්සේ තම එයාල නිදා ගන්නේ ...එයාල ඉස්සර හවසට ගෙදර එද්දී මම බලාගෙන ඉන්නේ කන්න මොනවද ගේන්නේ කියල ...එත් කවදාවත් මම මහා රෑ කීයට ගෙදර ආවත් එයාල මම මොනවද එයාලට කන්න ගෙනල්ල තියෙන්නේ කියල මගේ අත දිහා බලල නෑ ...මම කවදාවත් එහෙම ගෙනල්ලත් නෑ .....එත් එයාල දොර ඇරලා මම ගෙට ආවට පස්සේ නිදා ගන්නේ බඩට මොකුත් නොවැටුනට හිතට සැහැල්ලුවකින් කියල මම දන්නවා ....ඒ එයාලගේ චුටි පුතා පරිස්සමින් ගෙදර අවා කියන සැහැල්ලුවෙන් ...................

ඇත්ත එක තමා ...එකයි එයාලට අම්මයි තාත්තයි කියන්නේ ..හැමදාම කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය කරුණාව බෙදල දෙන මේ ලෝකේ ඉන්නේ එකම පුද්ගල යුගලය අම්මයි තාත්තයි තමයි .......

අන්තිමට මෙහෙම මට හිතුන .....කොහොම වුනත් එන වෙලා කීය වුනත් මගේ අම්මයි තාත්තයි ඉන්න තැනට අවම මට දැනෙන්නෙත් පුදුම නිදහසක් නේද කියල ..එක කියල නිම කරන්නන බැරි හැගීමක් .....එකයි මහා රෑ කියට හරි ගෙදර එන්නේ ඔයාලගේ චුටි පුතා .......

පත්තරේ පැත්තකට දාල නැගිටලා ගෙට යද්දී තාත්ත ඇවිදින් ඒ පත්තරේම අරගෙන ඒ පුටුවෙම වාඩි උනා ....මම හිතට දැනිච්ච දේ මේ විදිහට ලියල තිබ්බ .....

To be informed of the latest articles, subscribe:
Comment on this post